විලුඹේ වේදනාව Heel pain

පතුල් පටල ප්‍රදාහය

විලුඹේ වේදනාව නිසා අද බොහෝ දෙනා දැඩි පීඩාවකට ලක් වී සිටීයි.කාන්තාවන් අතර මෙය දැඩි ලෙස දැක ගත හැකි දෙයකි.මෙම වේදනාව විලුඹ දැඩි වෙහෙසකට පත් කරයි.සමහර විට අඩිය තබා ඇවිදීමට පවා නො හැකි වේ.මේ අත්දැකීමෙන් මිදෙන්නට මේ වේදනාව ඇති නැති සැවොම මේ සම්බන්ධව දැනුවත් වී සිටීම වැදගත්.
පටල ප්‍රදාහය 
පතුල් පටල ප්‍රදාහය යනු කුමක් ද? (Plantar fasciitis)

පාදයේ ඇති වක්‍ර අප ශරීරයේ ඇති බර දරාගැනීමට හා ඇවිදීම,දිවීම ආදී අප චර්යාවන් පහසුකරලීමට නිර්මාණය වී ඇත.මේ වක්‍ර රදා තබා ගැනීමට පතුල් පටලය( Plantar Fascis) උපකාර වන අතර එමගින් පාදයේ වළලුකර හා ඉදිරි අස්ථි සමග සම්බන්ධ කෙරේ.මේ සම්බන්ධ  වල ඇතිවන ප්‍රදාහ තත්ත්වය පතුල් පටල ප්‍රදාහය ලෙස හැඳින් වේ.

මෙය ඇතිවීමට බලපාන හේතූන්

වැඩි වේලාවක් සිටගෙන සිටීම,දිවීම හා දිගු දුරක් ඇවිදීම.සාමාන්‍යයෙන් ඔබ ඇවිදීමට පුරුදු වී සිටින ස්ථානයෙන් තොරව රළු බිමක ඇවිදීම,දිවීම සිදු කිරීම.(පිට්ටනියක ඇවිදීම දිවීම කරන ඔබ රළු පාරක එය සිදු කිරීම)
ඝනකම් පතුලක් සහිත පාවහන් බොහෝ වේලාවක් පැළඳ ගෙන සිටීම.පාදයේ හැඩයට අනුකූල නොවන පාවහන් පැළඳීම.
අධික තරබාරු පුද්ගලයෙකු වීම.
යටි පතුළ අධික ලෙස වෙහෙස වීම.
හදිසි ඇදීමකට ලක් වීම.
වියපත් වියේදී ඇතිවන පතුල් පටල ප්‍රදාහය හේතුවකින් තොරයි.

රෝග ලක්ෂණ

විලුඹේ ඇතුල් පැත්තේ වේදනාව හටගන්නා අතර උදෑසන අවදි වූ විට හා දිගුවේලාවක් විවේකීව සිට ඇවිද යනවිට වේදනාව ඇතිවේ.වැඩිවේලාවක් සිටගෙන සිටීම,ඇවිදීම,දිවීම නිසාද වේදනාවක්  ඇතිවේ.

ප්‍රතිකාර

යටිපතුලේ බන්ධන වලට සිදු වන ආපදා (damage) යථා තත්වයට පත් වීමට යම් කාලයක් ගත වෙයි.ඒය මාස ගණනක් ද විය හැකිය.නමුත් ප්‍රතිකාර කිරීමෙන්, ක්‍රියාකාරකම් තුළින් මෙය වේගයෙන් සුවපත් කරගත හැකිය .

1 .පාද වලට විවේකය ලබාදීම

විශේෂයෙන් පළමු සතිය තුළ පාද වලට විවේකය ලබාදීම ඉතා සුදුසුයි.වේගයෙන් ඇවිදීම, දිගු දුරක් ඇවිදීම, දිවීම,බොහෝ වේලාවක් සිටගෙන සිටීම ආදී ක්‍රියාකාරකම් වලින් සම්පුර්ණයෙන්ම බැහැර විය යුතුයි.නමුත් පාද වෙහෙසකට පත් නොවන ඕනෑම ක්‍රියාකාරකමක් කළ හැකිය .පිහිනීම හා බයිසිකල් පැදීම ආදී ව්‍යායාම්වල නිරතවීම ගැටළුවක් නැත.

2.පාවහන් පැළඳීම

රළු පුෂ්ටි වල පාවහන් නොමැතිව ගමන් කිරීම නොකළ යුතුය.සුවපහසු පතුලක් සහිත හා පාදයේ වක්‍ර වලට අනුකූලව සැකසූ පාවහන් පැළඳීම කළ හැකි ය.මීට අමතර ව ඔබට heel pain insoles ඒකත් පැළඳිය හැකි ය .මෙමගින් ඔබට වේදනාව අඩුකර ගත හැකි අතර තවත් ආපදා වීම වළකී.
   

3.වේදනා නාශක ඖෂධ 

පැරසිටමෝල් භාවිතයෙන් වේදනාව අඩු කරගත හැකි ය .ice pack එකකින් විනාඩි පහලවක් විස්සක් සම්බාහනය කිරීමෙන් තාවකාලිකව මේ වේදනාව අඩුකර අඩු කරගත හැකිය.
paracetamol


Ice pack


4.ව්‍යායාම කිරීම 

කකුලේ මාංශපේෂි ඇදීමේ ව්‍යායාම මගින් වේදනාව සමනය කළ හැකි ය.ටෙනිස් බෝලයක් ගෙන යටි පතුලෙන් දෙ පසට රෝල් කිරීම හා වතුර බෝතලයකින්  එලෙසම යටි පතුලෙන් රෝල් කිරීම. දිනපතා විනාඩි 10ක්පමණ.
 


 
 









5.සම්බාහනය කිරීම 

යටි පතුල් සම්බාහනය කිරීම මගින් වේදනාව අඩුකර ක්‍රමවත්ව සුවයක් ලැබිය හැකි ය.මේ සඳහා coconut oil හෝ flaxseed oil භාවිතා කළ හැකිය.


 



6.Apple vinegar සාත්තුව 

Apple vinegar අඬු කෝප්ප  4/1ට වතුර 2/1ක් එකතු කර යටි පතුලේ ගල්වා ඔතා තබන්න.විනාඩි 20 කින් ඉවත් කරන්න.මෙය දිනපතා කිරීමෙන් ක්‍රමවත්ව සහනයක් ලැබේ.
Apple vinegar


එලෙස ම ගෝවා කොළ ගෙන වේදනා ඇති ස්ථානයේ තබා බැඳ විනාඩි විස්සකින් පමණ ඉවත් කරන්න.මෙයින් ද ක්‍රමවත් ව සහනයක් ලැබේ .
cabbage leaves

6. ලුණු වතුර සාත්තුව 


සාමාන්‍ය ලෙස උණුසුම් ජලයට ලුණු එකතුකර එයට ඔබගේ දෙපා ගිල්වා විනාඩි 15ක් පමණ තබා ඉවතට ගන්න.මෙමගින් ඔබට වේදනාව අඩුකර ගත  හැකි ය.ආපදාව ද ක්‍රමයෙන් අඩුවීයයි.


වෙනත් ප්‍රතිකාර 

ඉහත ක්‍රියා කාරකම් තුලින් ඔබගේ යටි පතුලේ වේදනාව පහසුවෙන් නැතිකර ගත හැකි ය.නමුත් එසේ නොවුණහොත් මෙම ප්‍රතිකාර මගින් ඔබට සුව වීය හැක.


💉corticosteroids ඖෂධය එන්නත් කිරීම මගින් 


🔌ශරීරයට පිටතින් ලබා දෙන තරංග මගින් රෝගය සමනය කළ හැකි ය (extracorporeal shock wave therapy)





✂️ශල්‍යකර්මයක් මහින් ද රෝගය සමනය කළ හැකි .



මෙය නැවත ඇති නොවීමට නම් 

මුදෘ   පතුලක් හා පාදයේ වක්‍ර වලට අනුකූල පාවහන් පැළඳීම.

ශරීරයේ බර උසට සරිලන ලෙස පාලනය කර ගැනීම.

පාදවල මාංශපේෂි ඇදීමේ ව්‍යායාම වල නිරත වී අනෙකුත් ව්‍යායාම්වල නිරත වීම.

රළු පෘෂ්ටිමත ඇවිදීමේ දී පාවහන් යුගලක් භාවිතා කිරීම.

බොහෝ වේලාවක් එකතැන සිටගෙන නො සිටීම.

ජලය හොඳින් පානය කිරීම,පිරිසිදු එළවළු හා පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීම.

Comments